මතභේදයට තුඩු දී ඇති මඩකළපු විශ්වවිද්‍යාලය ගොඩනැගීමට ආධාර අනුබල දුන් සෑම රාජ්‍ය ආයතනයක්ම හා සෑම පළාත් පාලන ආයතනයක්ම නීතිය උල්ලංඝණය කොට හෝ නොසලකා හැර ඇත. නැතහොත් තමන්ට ඕනෑ හැටියට නීතියත්, නියාමන රෙගුලාසිත් නවාගෙන ඇත. මෙහිදී රජයට අයත් වාණිජ බැංකුවක් ද මූලික වශයෙන් පරීක්ෂා කොට අනුමැතිය දිය යුතු කරුණු නොසලකා හැර ඇති බව විශේෂ විගණනයකින් අනාවරණය වී තිබේ. වර්ෂ 2013 හා 2019 අතර කාලය තුළ මේ විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවිධ සහනවලින් අනුමැතිය ගන්නට දරන ලද උත්සාහය සඵල වී ඒවා ලැබී තිබේ. මෙම ආයතනය විවිධ අවස්ථාවලදී විවිධ නම්වලින් හඳුන්වා දී තිබේ. මඩකළපු විශ්වවිද්‍යාල කොලීජිය (බැටිකලෝ කැම්පස් ප්‍රයිවට්), මඩකළපු මණ්ඩපය (පෞද්ගලික), මඩකළපුවේ මලීක් අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් විශ්වවිද්‍යාල කොලීජිය ආදිය ඉන් සමහරකි. මේ සඳහා අනුමැතිය ඉල්ලා ඇත්තේ හිටපු අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාය. ඔහු සභාපතිත්වය දරන ශ්‍රී ලංකා හීරා පදනම ආයතනය ඔස්සේ අදාළ අනුමැතිය ඉල්ලා තිබේ. තමන් රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) ලෙස හඳුන්වා දුන් හීරා පදනම 2011 දී රාජ්‍ය නොවන ආයතන ලියාපදිංචි කිරීමේ ලේකම් කාර්යාලයෙන් ලියාපදිංචිය ඉල්ලා ...